Thursday, January 21, 2010

අනේවාසිකයා ගේ ඇසින් ලංකාව දෙස බැලීම


ආයුබෝවන්!

මම ලංකාවේ ඉපිද, හැදී, වැඩී අද ලංකාවෙන් පිටත වෙසෙන්නෙක්මි.

සැම වසරේම ලංකාවට එමි. සති කිහිපයක් වෙසෙමි. ආපසු යමි.

නොරට විසුවද, දිනපතා ලංකාව පිළිබද ප්‍රවෘත්ති කියවමි. සිංහල පුවත් පත් බලමි. සිංහල බ්ලොග් ද කියවමි. ලංකාව ගැන හොඳ අවධානයෙන් වෙසෙමි.

අනේවාසිකයා නමින් මේ බ්ලොග් අඩවිය පටන් ගන්නට මට සිතුනේ විටින් විට ලංකාවට පැමිණි අවස්ථාවල දී මා දුටු, අත් විඳි, බොහෝ දේ සිංහල බ්ලොග් කියවන්නන් හා බෙදා ගැනීමටයි.

මගේ අදහස් වලට ඔබ අකමැතිවෙන්නට ද ඉඩ ඇත. ඔබේ අදහස් කුමක් වුවත් මට දන්වන්න.

අනේවාසිකයා
anewasika@gmail.com

(image source:: http://media.photobucket.com/image/emmigrant/JohnTheBand/Nevada/EmigrantPass.jpg)

7 comments:

  1. දිගටම ලියන්න.
    සනමුත් අනුන්ගේ ලිපි වලට ස්පෑම් නොකර www.kottu.org හා www.sinhalabloggers.com ඒකට අයදුම්කරන්න.

    සුභ පැතුම්!

    ReplyDelete
  2. බින්කු,

    ඔබේ අවවාදය ට ස්තුතියි. Kottu වලට ඉන්දි එවේලේම එකතු කළා. සිංහල බ්ලොගර්ස් ලා ට දින 10 පමණ ගතවේ.

    මම කිසිවෙකුට ස්පෑම් නොකළෙමි.

    මා අද සහ ඊයේ වෙබ් අඩවි කිහිපයක දැමූ කමෙන්ට් වල දී මගේ අළුත් වෙබ් අඩවිය සඳහන් කිරීම නම් කළෙමි. මෙය ස්පෑමින් නොවේ. විවෘත වේදිකාවක මගේ අනන්‍යතාවය දැක්වීමක් පමණි.

    එකම වෙනස මා මෙවර මගේ ආරූඪ නම සහ නව වෙබ් ලිපිනය දැක්වීමයි.

    වෙනදා මා කමෙන්ට්ස් දාන නම ඔබ හොඳින් අසා ඇති එකකි. මම ද ඔබ සයිබර් අවකාශයේ හඳුණමි. ;-)

    අනේවාසික.

    ReplyDelete
  3. ela....

    but it is better if u remove word verification...

    that is a pain....

    ReplyDelete
  4. නියමයි . . . අද අහම්බෙන් මගේ බ්ලොග් එකේ දාපු කමෙන් එක නිසායි මේ බ්ලොග් එක දැක්කේ . . .දිගටම ලියන්න ඔබේ ලිපි කියවන්න ආස හිතෙන විදිහට ලියල තියෙනවා . . ඔබට ජය . . . දිගු බ්ලොග් චාරිකාවකට සුභ පැතුම් . .

    ReplyDelete
  5. අනේවාසික, ඔබ අයදුම් කර දවස් 20ක් ඇතුලත ප්‍රතිචාරයක් නොලැබුණොත් නැවත විමසන්න. කොත්තුහි ලිපි එකතු කිරිම වේගවත් බව මාද පිළි ගන්නවා.

    ඔබ කවුරු කවුරු වුණත් මට ඔබත් අනේවාසියාත් දෙදෙනෙක්. අවශ්‍ය විටෙක උපකාර කරන්නට මම සුදානම්. බිලෝග්කරණයට නැවත වාතාවක් සුභ පැතුම්.

    "ස්පෑම්"යැයි හැදින්වීම ගැන කණගාටු වෙමි.

    ReplyDelete
  6. උඹලට වගේ නීතියක්, සදාචාරයක් තියෙන රටක ජීවත් වෙන්න අපිට වාසනාවක් නෑ තවම (ෆුල් ට්‍රයි මේ දවස් වල ) එතකන් ඉතින් ලොකෙං ම උතුං රටට වෙලා විදවනවා අනුන්ගෙ කරුම වලට :-)

    ReplyDelete
  7. මම ලංකාවේ ඉපිද, හැදී, වැඩී අද ලංකාවෙන් පිටත වෙසෙන්නෙක්මි.(ලංකා රජයේ මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබා පිටරටකට ගොසින් ලංකාවට කලගුණ නොසලකා හොදින් ජීවත් වෙමි) වරහන් ඇතුලේ තියෙන ටිකත් ලිව්ව නම් හොදයි..

    ReplyDelete

Related Posts with Thumbnails