Friday, January 22, 2010

ලංකාවෙන් බාගයක් ම අමු මෝඩයෝ?


ලංකාවෙන් සියයට අනුපහක් පමණ පිරිස එක්කෝ අමුම අමු මෝඩයෝ බවත්, එහෙමත් නැත්තම් පට්ට කට්ට කයිරාටිකයෝ බවත් මගේ මිතුරෙකු මා සමග නොබෝදා පැවසීය.

ඔහු ඒ කතා කලේ ඇත්තටම ලාංකික ඡන්දදායකයින් ගැනය.

මට ද සිතෙන පරිදි අද ලාංකික ඡන්දදායකයෝ පුදුමාකාර ලෙස ද්විත්ව ධ්‍රැවීකරණයකට පත්ව සිටිති.

අපේ ඇත්තෝ එක්කෝ MR ට ය. නැත්තං SF ට ය. වෙන විකල්ප නොදකිති.

අපේ පිරිස ගේ බූලියානු චින්තනයට අනුවඃ

NOT MR = SF ද

NOT SF = MR ද වේ.

අනේ අනිච්චං!

කවුරුන් හෝ ආණ්ඩුවේ දොසක් කීවොත් ඌ SF ගේ කෙනෙකි.

කවුරුන් හෝ මිලිටරි ආණ්ඩුවක් ගැන සඳහනක් කළොත් ඌ MR ගේ කෙනෙකි.

මා මිතුරා ලංකාවෙන් සියයට අනුපහක් පමණ පිරිස එක්කෝ අමුම අමු මෝඩයෝ හෝ එහෙම නැත්තම් කට්ට කයිරාටිකයෝ බව පැවසුවේ ද මේ හා සමාන මතවාදයක පිහිටාය.

ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාට ඡන්දය දෙන්නෝ - එක්කෝ අන්ධ භක්තියෙන් යුතුව, විචාර බුද්ධියෙන් තොරව තම අපේක්‍ෂකයා තෝරා ගෙන ඇත. ඔහු හෝ ඔහු ගේ සහචරයින් කවර අණුවන කමක්, කවර දුෂ්ඨ ක්‍රියාවක් කළ ද ඒ බව මොව්හූ නොදකිති. අන්ධ භක්තිය නිසාය. අමුම අමු මෝඩකමේ ලක්‍ෂණය එයයි.

අනෙත් පිරිස - ඒ අණුවන කම්, දුෂ්ඨ කම් හොඳාකාරව දකිති. එ ද තම වාසියම තකා මුවින් නොබැණ සිටිති. මුන් කට්ට කයිරාටික වන්නේ එහෙයිනි.

මේ දෙයාකාරයේ සිංහළුන් වෙසෙන්නේ ලංකාවේ පමණක් නොවේ. නොරට තත්වයද එලෙසමය.

නොරට වෙසෙන සිංහළුන් බොහෝ දෙනෙකු ද තම කාලය වැය කරමින් අරූගේ සහ මුගේ සුදුසුකම් ගැනත්, දූෂණ සහ නොපනත්කම් ගැනත් පොදි පිටින් ඊ-මේල් එවති. හරියට අපට නොරට සිට ලංකාවේ ඡන්දය දීමට අවස්ථාව තියෙනවා සේ සිතා ය.

ඔය කොයි ප්‍රචාරක ඊ-මේලයටම මා නම් සලකන්නේ එකම අයුරිනි.

කෙලින් ම ඩිලීට් බටනය ඔබමි.

නොදන්නා එකෙකු විසින් එවන ලද්දක් නම් කෙලින්ම ස්පෑම් බටනය ඔබමි.

ජයවේවා!

දහජරා දේශපාලන මඩගොහොරුවෙන් මිදුනු ලංකාවක් තව සියවසකින් හෝ සෑදේවා!

අනේවාසික
anewasika@gmail.com

(image source:: http://crazy-jokes.com/pictures/idiot.jpg)

11 comments:

  1. ඔව් මෙය නම් සහතික ඇත්ත. මේ රටේ වැඩි හරියක් මොඩයො වියහැක. නැතිනම් ඔව්න් වගේ නොසිතන අපි මොඩයො වීමටද බැරි නැත.

    ReplyDelete
  2. Oyage yaaluwath ara 95% gode neda?

    ReplyDelete
  3. මෝඩයින් නොවන සුළුතරය තමාගේ දියුණුවක් පතාගෙන නොරටට වී සිටිත්.

    ReplyDelete
  4. This bi-polarization is not uncommon in other democracies as well. Take the case of US, for example, and we find 95% of the voters either Democratic or Republican. This behaviour is not alien to Sri Lanka as we have seen this practice throughout the past 79 years of universal franchise. It has grown to violent proportions in the recent past, I agree. Recent election records show that the floating voters are only 5% of the total.

    It is not a matter of people are too 'foolish' to oversee other options, but it's natural that people want to make their votes count. Rather than letting their votes become useless with someone who cannot secure at least 5% of total votes, they try to compromise for a less-damaging option. You can't blame someone for doing that?

    In Sri Lanka, election time has been a way of leisure or innocent fun and was a part of our culture too. We used to canvass, argue with friends, gamble, stay awake for election results and get back to our normal lives thereafter. Like sports, like everything else, we have lost the innocence of our lifestyles during the past 2-3 decades owing mainly to the money tags attached to everything and the decades of arms culture. But I am not pessimistic to think that we cannot come out of it.

    I do not want to wait another 100 years to see the elections free of violence, because I'll be gone by then!

    ReplyDelete
  5. පට්ට කතාව...
    මසුරන් 1001ක් දාන්න වටිනවා...

    /බිඟුවා...!

    ReplyDelete
  6. anewasika mehema dewal kiyanne..oya lankaweinne neti nisa...aniwaryayen me paksha deken ekak sri lankawa tawat issarahata aran yana..diyunu karana ekak..namuth paksha deken ekakatawat chandaya nodeema maha moda kamak...aduma gane tikak hari me rata sanwardanaya karana party ekakata vote karanne one....mokada api hemadama pitarata indan lankawath pitarata wage wenne kawadda kiyala sihina dekala wedak nehe..eka nisha paksha deken ekak toragena tamange adahas dakweema nuwanakkara kamak..nathnam hariyata heluwen innawa wage deyak tama..

    ReplyDelete
  7. මේ ලඟදි මටත් ඔය වගේ වැඩක් වුනා . . . එක්කෙනෙකුට ජය පතලා ඔහු අහවල් අහවල් දේ කල නිසා ඔහු දිනවමු කියලා හිතවතෙන් මූනු පොතේ දාලා තිබුනා . . මම ඇහුවා ඒ අහවල් අහවල් දේ කල නිසා ඒකට හිලවට ඕනම දෙයක් කර ගන්න කියලා ඔහුට රට භාර දෙන්න කියන එක සුදුසුද කියලා . .. හිතවතා යන්නේ කොහෙද මල්ලේ පොල් පිලිතුරක් දීලා තිබුනා . . ඒක දැකලා කුලප්පු වුනු තව කන්ඩායමක් "ආ උඹ අරයගේ පැත්තේ අහවලාට කඩේ යනවාද කියලා" නොටෝරියස් කෙනෙක් ගැන කියලා අහලා තිබුනා . . මට ඉතිං පශ්චභාගයෙනුත් හිනා . . මුන්ට දෙයක් අහපු ගමන් ඒක එක්කෙනෙක්ට විරුද්දව නම් එකපාරටම තීරනය කරනවා මූ අරූට කඩේ යනවා කියලා . .. ඔහොම හිතුවාම උඹේ යාලුවා හරියි කියලත් හිතෙනවා . ..

    ReplyDelete
  8. මීට කියන්න දෙයක් නැත්තේ කියලා කියලා බැණලා බැණලා පෙන්වලා පෙන්වලා එපාම වෙලා හින්දා.

    ReplyDelete
  9. Oyage yaaluwa hariyatama hari............me95% ma chande denne awasthawaadi kamata......

    ReplyDelete
  10. නියම කතාව.
    මම ඉන්න රටේත් ඉන්න බහුතරයක් ලාංකිකයෝ මේ වගේ. ඇති චන්දෙකුත් නෑ. ඒ උනාට හරියට අනෙකා එයාගේ මතයට චන්දේ දියයුතුයි වගේ. මේ පවතින ක්‍රමයට හිනාවෙද්දි ඉබේම අපි දේශ ද්‍රෝහි වෙලා.මේ ඊයේ පෙරේදා දවසක මම හිතා ගත්තා මම මෙහේදි ලාංකිකයෙක් වෙන්නේ නෑ ලාංකිකයෝ එක්ක කියලා. ඒ කියන්නේ මේ රටේ එවුන් එක්ක ලාංකිකයෙක් වෙලා අපේ රටේ අය එක්ක ලාංකිකයෙක් නොවෙන එක. එතකොට කියයි මම සුද්දට දෙනවා කියලා එත් ඒක සැනසීමක්. මේ කතා නොඇසී හරි ඉන්න පුළුවන් නේ.

    ReplyDelete
  11. ශ්‍රී ලාංකික උගතුන්ගේ කියමන් "මම ලංකාවේ ඉපිද, හැදී, වැඩී රජයේ මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබා පිටරටකට ගොසින් හොදින් ජීවත් වෙමි"

    ReplyDelete

Related Posts with Thumbnails