Thursday, January 28, 2010

සාගරයක් මැද - අරුම රටක් ඇත


"සාගරයක් මැද - අරුම රටක් ඇත"

එහෙම කියන්නෙ ලංකාව ගැනයි. කාළෙකට ඉස්සර සිසිර කුමාර මාණික්කාරච්චි කියන ලේඛකය පොතක් පල කළා ලංකාවෙ දේශපාලනය ගැන - ඒකෙ නම වුනේ "සාගරයක් මැද - අමන රටක් ඇත" කියලයි.

ලංකාවෙන් පිටට වෙලා කාලයක් ඉන්න මට ලංකාවෙ වෙන සමහර වැඩ පෙන්න අරුම පුදුම දේවල් විදියටයි. මේ බ්ලොග් එක පටන්ගන්න මූලිකම හේතුව වුනෙත් ඒ අනේවාසික දෘෂ්ඨිය බෙදා හදා ගන්නයි.

මේ ඊයෙ පෙරේද අහපු ඒ වඝෙ අරුම පුදුම කතාවක් තමයි සරත් ෆොන්සේකා ට ඡන්දය නොමැති වීම සහ ඒ ගැන සමහරු කියුවාය කියන කතා.

මං ද්විත්ව පුරවැසියෙක්. මං ඡන්දෙට ලියා පදිංචි වුනේ මෙහෙ පුරවැසිභාවය ගත්ත දවස් වලමයි. එදා ඉඳල හැමදාම ඡන්දෙ දුන්න. ගෙවල්, පලාත් මාරු වුනාම ආයෙ ලියාපදිංච්‍රි අළුත් කළා.

මේ රටේ නං ඡන්දෙට සතියකට කලින් වුණත් අළුතින් ලියා පදිංවි වෙන්න පුළුවන්.

ලංකාවෙ තත්වය ගැන නං අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ?

මං ඉස්සෙල්ලාම ඡන්දෙ දුන්නෙ අවුරුදූ 20 දී. එතකොට මගෙ මල්ලිට දහනමයයි. ඒත් ඡන්දෙ නැහැ. හේතුව තමා ලයිස්තුව හදපු කාලෙ දහඅට නොවීම. එයා මුලින්ම ඡන්දෙ දුන්නෙ වයස විසි පහේදි විතර. ඔන්න දහ අටේ ඡන්දෙ ප්‍රායෝගිකව වැඩ කරන හැටි!

මං බැඳල වෙන ගෙදරකට ගියාට පස්සෙ තිබුණු ඡන්දෙදි මටවත් මගෙ බිරිඳටවත් ඡන්දෙ තිබුනෙ නැහැ. ඒ ග්‍රාමසේවක ගෙ ප්‍රමාද දෝශය නිසා. අපේ ගෙදරිනුත් මාව දාල තිබුනෙ නෑ.

එදා මට ඡන්දය නොතිබුනු එක, මල්ලිට නොතිබුණු එක, අපේ වරද ද? නැත්නම් මැතිවරණ කොමසාරිස් ගේ සහ එම දෙපාර්තමේන්තුවේ වරද ද?

ෆොන්සේකාට ඡන්දෙ නැහැ කියල නීති තර්ක ගෙන අය කතා කරන්නෙ ඒක මිනිහගෙ වරදක් කියල සලකලයි. ෆොන්සේකා බැරිවෙලා හරි දිනුව නම් නඩුත් දාන්න ඉඳල තියෙන්නෙ.

අවුරුදු 75 ක් සර්වජන ඡන්දය භාවිතයේ තිබුණු රටක පුරවැසියෙකුට තවමත් ඡන්දය සඳහා නිසි කල ලියාපදිංචි වීමේ ක්‍රමයක් නැති එක නම් අරුමයක්. ඒ වගෙම කරුමයක්.

සාගරයක් මැද - අරුම රටක් ඇත!

මැතිවරණ පැවැත්වීමේ රාජ්‍ය යන්ත්‍රයේ ඒ අඩුපාඩුව ගැන කතා නොකර - ඡන්දදායකයා ගේ වරද හොයන නීති විශාරදයො නම් අමන රැලක්.

සාගරයක් මැද - අමන රටක් ඇත!

අනේවාසිකයා

(image source: http://daveibsen.typepad.com/.a/6a00d83451db4269e2010535bcfe6b970b-400wi)

6 comments:

  1. As far as I know, if your name is not in the list you can contact Department of elections and get registered.
    I agree with you about stupid way people behave about SF.
    Also we should not forget SL is under development and still not using technology for elections like here. In fact as a country there are other priorities than implement cutting edge stuff for elections

    ReplyDelete
  2. main problem with sf voting fiasco was not his non registering but his not disclosing the fact till 3.30pm on election day . he gave various excuses through the day ( from security reasons to auspicious times ) . since he was dishonestly evasive about the reason, others should be and
    were free to speculate .
    -

    in you own case, clearly your not getting the vote after moving house is your own fault . if you did not register at old house you should have been proactive and got registered at new.

    expecting gov to track your movements is not feasible and is dangerous

    ReplyDelete
  3. සාගරයක් මැද අමන රටක් ඇත... මේවගෙ අමන යකුන් ලෝකේ තවත් නැත..

    ReplyDelete
  4. අලුත් ග්‍රාම සේවක කොට්ඨාශයක පදිංචියට ගියොත් තමන් හිටපු කොට්ඨාශෙ ග්‍රාම සේවකගෙන් එහි පදිංචිය හැර ගිය බව සහ ඡන්ද හිමි නාම ලේඛනයෙන් නම ඉවත් කල බව සනාථ කෙරෙන ලිපියක් ඉල්ලාගෙන අලුතින් පදිංචි වූ කොට්ඨාශයේ ග්‍රාම සේවකට ගෙනැවිත් දුන් විට එහි ඡන්ද හිමි ලේඛනයට නම ඇතුලත් කෙරෙනවා. මා දන්නා තරමට ලංකාවෙ කෙරෙන ක්‍රමය ඒකයි. ග්‍රාම සේවක අපි කොහෙ යනවද බලන්න පස්සෙන් ඇවිදින්නෙ නෑ. ලංකාවෙ පුරවැසියන්ට රජයෙන් ලැබෙන සහන වල හැටියට ඒ වගෙ පොඩි දෙයකින් රජයේ කාර්යාවලියට සහාය දක්වන එක පුරවැසියන් වන අපෙත් යුතුකමක් සහ වගකීමක්. එක එක රටවල් වල වැඩ කටයුතු කෙරෙන්නෙ එක එක විදිහට. ඒ රටවල් වල තියන පහසුකම් ආදියෙ හැටියට. ලංකාවෙ හැදිල වැඩිල ආණ්ඩුවෙ පිං ඉස්කෝල වලින් ඉගෙන ගෙන, පිං ඉස්පිරිතාල වලින් බේත් අරගෙන නිරෝගි වෙලා, පිට රටක රස්සාවකට ගිහින්, ගිය දවසෙ ඉඳල තමුන්ගෙ මවු රටට කෙනෙහිලි කතා කියන එක මම නම් අනුමත කරන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ලංකාවට යන්තම් හරි ආදරයක් තියන අයටත් එපාවෙන එක. පිට රටක පදිංචියට යන්න පුලුවන් අයත් ඉන්නවා. බැරි අයත් ඉන්නවා. ඒ බැරි අය හැමෝම අමනයො මෝඩයො නෙවෙයි. පුලුවන් නම් ලංකාවෙ තියන (මගෙත් බලවත් අප්‍රසාදයට ලක්වෙන) අඩු පාඩු හදන්න යම් ක්‍රමයකින් දායක වෙන්න උත්සාහ කරල බලන්න.

    ReplyDelete
  5. තම අදහස් ලියූ සැමට ස්තුතියි. මගේ ඊ-මේල් ලිපිනයට ආ අදහස් දැක්වීමක් නිසා පොඩි පැහැදිලි කිරීමක් කරන්න වෙනව.

    මං ලංකාවට ආදරේ කෙනෙක්. නිතරම ලංකාවට එනව යනව. දවසට පැය කිහිපයක් ගත කරනව පත්තර, ටී.වී නිවුස්, බ්ලොග් බලන්න.

    මං රටට ආදරේ නැත්තං ඇයි මං රට ගැන ලියන්නෙ? නිකං හිටිය නං ඒ පැය කීපයත් මට ඉතුරුයි නේද?

    දැං කියන්න එපා මට කවුරු හරි සල්ලි ගෙවනව කියල ලංකාවට අපහාස කරල සිංහලෙන් බ්ලොග් ලියන්න.

    කොටින්ම - ලංකාවෙ ඉගෙන ගෙන පිටරට ගිහින් රටට ගරහන අච්චුචෙ කෙනෙක් නෙමේ මං.

    නමුත් මේ බ්ලොග් එක පටන් ගත්තෙ වෙන අරමුණක් ඇතුවයි. ඒක තමයි කෙලින්ම ටොක්කක් අනින්න.

    ලංකාවෙ වැරදි පෙන්නන්නෙ ගරහන්න නෙමේ. එහෙමනං, ලංකාවෙ පත්තරවල කොච්චර තීරු ලිපි තියෙනවද මේ වගේ. ඒව ලියන්නෙ ලංකාවෙම ඉන්න අය එක විතරයි වෙනස.

    අනික, විවේචනය නැත්තං දියුණුවක් නෑ.

    ඔබට ජයවේවා!

    -අනේවාසික

    ReplyDelete
  6. විවේචනය කිරීම හොඳ වෙන්නෙ සංවර්ධනාත්මක විවේචනයක් (constructive criticism) නං. කණගා‍ටුවෙන් වුනත් කියන්න ඕන මේක නං එහෙම එකක් නෙවෙයි. නිකං ඔහෙ බනින්න ඕන නිසා මොකක් හරි වැ‍රැද්දක් අල්ලං, "මෙහෙ වගේ නෙවෙයි නෙ, ලංකාවේ හරි චාටර් නෙ, මෙහෙ වගේ ලේසියෙන් චන්දෙට රෙජිස්ටර් වෙන්න බැහැනෙ ලංකාවෙ. අමන රටක්!" කීමක්.

    බනින්නං වාලේ බනින්නෙ නැතුව, මීට වඩා මේක දියුණු කරන්න පුළුවන් මොන විදියටද, ඒකට කොච්චර විතර සල්ලි යනවද, එහෙම ප්‍රතිපාදන හොයාගන්න එක කොච්චර ප්‍රායෝගිකද, ලංකාව වගේ දියුණු වෙමින් පවතින වෙන රටවල් මේ ගැටළුවට මොන විදියට විසඳුවද කියල අදහස් දැක්වුවා නං, ප්‍රයෝජනයක් තියන සංවාදයක් ඇතිවෙයි.

    එහෙම නැතුව නං, ඇමරිකාවෙ අරව තියනවා මේවා තියනවා, ලංකාවේ දෙකම නැහැ, අමන රටක් කියල කියන එක නං තේරුමක් නැති වැඩක්.

    ReplyDelete

Related Posts with Thumbnails