
ලංකාවෙ මුද්‍රිත මාධ්‍ය වල විටින් විට කියවන්න ලැබෙන ප්‍රවෘත්තියක් තමයි බටහිර රටවල ඉන්න පිරිස් බුද්ධාගම ගැන දක්වන උනන්දුව දැං දැං ඉතාමත් වැඩියි කියන එක.
ලංකාවේ හාමුදුරුවරු හුඟ දෙනෙක් මේ වෙන විට විවිධ ලෝකයේ රටවල්වල තියෙන බෞද්ධ පන්සල්වල වැඩ වාසය කරමින් ධර්මදූත සේවයේ යෙදෙනව. ඒ රටවල් වලට, කලාප වලට මහ නායක හාමුදුරුවරුත් පත් කරලනෙ තියෙන්නෙ.
හැබැයි ලංකාවෙන් පිටරටට වැඩම කරල ඉන්න හුඟක් හාමුදූරුවරු හුඟක් වැඩ ඉන්නෙ මේ රටවල තියෙන සිංහල බෞද්ධ පන්සල් වලයි. ඒවට සාමාන්‍යයෙන් සුදු ජාතිකයො එනව අඩුයි. කොහෙමටත් මේ හාමුදුරුවරු වීසා අරගෙන තියෙන්නෙත් මේ රටවල්වල ඉන්න සිංහල බෞද්ධයන්ගෙ සීල, දාන, භාවනා, පාංශුකූල වැඩ කරන්නයි.
ඊට අමතරව, භාවනා කිරීමට මූලිකත්වය දෙන මධ්‍යස්ථානත් තියෙනව මේ රටවල ලංකාවෙ හාමුදුරුවරු වැඩ ඉන්න. ඒවගෙන් තමා සුදු ජාතිකයින්ට බුද්ධාගම ප්‍රචාරය කරන්නෙ.
ඊටත් අමතරව තායිලන්තය, ටිබෙටය වැනි රටවලින් බුද්ධාගම ඉගෙන ගෙන, බෞද්ධ ධර්ම ප්‍රචාරය කරන හාමුදුරුවරුත් ඉන්නව. අහල ඇතිනෙ "අජාන් බ්‍රහ්මවංසෝ" ගැන හෙම.
දැං මේ කියන බටහිර රටවල බෞද්ධ දියුණුව ගැන, අපේ හාමුදුරුවරුන් ගෙ ධර්ප්‍රචාරක වැඩ කටයුතු ගැන අහන, දකින, කියවන අපි කාගෙත් සිත් පිනා යනව. බුද්ධාගමේ දියුණුව ගැන සතුටක් ඇතිවෙනව. එහෙම නේද?
හැබැයි, පිටරටවල ඉදල ලංකාවට ඇවිත් ක්‍රිස්තියානි ධර්මය පතුරුවන්න ක්‍රියාකරන අය ගැන හෝ සංවිධාන ගැන හෝ පාස්ටර්ල විදියට ඒ වැඩේම කරන ලංකාවෙම අය ගැන හෝ අපිට තියෙන්නෙ මහා තරහක්.
පසුගිය දවස්වල ඒ වගෙ දේව සභා ගොඩනැගිලි කිහිපයක්ම පොඩි පට්ටං කරල දැම්මනෙ, නේද?
ඇයි මේ එකම ආකාරයේ ධර්ම ප්‍රචාරක කටයුතු දෙක ගැන අපි දෙවිදියකට සලකන්නේ.
ඔය ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන පාස්ටර්වරුන්, මිෂනරි සංවිධාන ගැන තියෙන ලොකුම චෝදනාව තමා ඒ ගොල්ලො දුප්පත් අයට උපකාර කරල, නැති බැරි අයට පිහිට වෙලා ඒ මගින් ඒ ජන කොටස් තමන්ගෙ ආගමට හරව ගන්න හදනව කියන එක.
දිව්‍ය අංගනාවො පෙන්නල නන්ද කුමාරයව මහන කරගත්තු එක අමතක කළත්, අපි හොඳටම දන්න කාරණයක් තමයි බුදු හාමුදුරුවො වුනත් - බඩගිනි මිහිහට කන්න දීල, ඊට පස්සෙ තමයි බණ කිව්වෙ කියල.
නැති බැරි අයට සලකන එක, අසරණ අයට පිහිටවෙන එක සෑම ආගමකම කියවෙන ප්‍රධාන පුන්‍ය ක්‍රියාවක්.
තමන් ගෙ දුක සැප සොයල බලල උදව් උපකාර කරපු අය දේශණා කරන ආගම අදහන්න ඒ මිනිස්සු පටන්ගත්තොත් ඒකෙ ඇති වරද මොකක්ද? ඒක ඒ අයගෙ අයිතියක් නේද?
දැං මේකට අපේ මහා සංඝ රත්නය යෝජනා කරන්නෙ ආණ්ඩුව මගින් ආගම වෙනස් කිරීමට විරුද්ධව නීති ගේන්නයි.
ඒක හරියට, බුදුහාමුදුරුවො ජෛන මහාවීරට විරුද්ධව ලිච්ඡවි රජවරුන්ට පැමිණිලි කරනව වගේ එකක් නේද?
මට ඕන ආගමක් අදහන්න මං තීරණය කරන එක වලක්වන්නෙ කොහොමද ආණ්ඩුව.
මෙහෙමත් විහිළු!
බුදුහාමුදුරුවො අද වැඩ හිටිය නං, තව ශික්‍ෂාපදයක් පනවනව සිකුරටම!
ලබන සතියේ නැවත හමුවෙමු.
-අනේවාසික ලංකාපුත්‍ර
අද ඉඳල මං SBU සින්ඩියේ. මං කලින් ලිව්ව ලිපි දෙක තුනත් කියවන්න.
(image source: http://dlibrary.acu.edu.au/research/theology/ejournal/aejt_9/images/Religions.gif)
දැන් ඉතින් අනේවාසිකත් දේශද‍්රෝහී බ්ලොග්කරුවෙක්. මෙතනට තව ටිකකින් නුවන්ස් ලේන් එතකොට සාමීර ශාකුන්තල වගේ දේශප‍්රේමීන් ඇවිල්ලා ජවුසන් නටන්න ගනී. සමහ‍්ර විට බ්ලොග් එක හැක් ක‍්රන්නත් බැරි නෑ.
ReplyDeleteඉතාමත් හොඳ පෝස්ට් එකක්.ඇයි මේ විදියට හැමෝමට හිතන්න බැරි ? බොරුවට අන්තවාදයේ ගිලිලා මැරෙන්න හදන්නේ ඇයි ? අනික ඔය පල්ලි කඩපු,බෞද්ධකම ගැන කෑ ගහන අය නෙමේ බෞද්ධයෝ කියන එක රටම දන්නවා.
ReplyDeletegood post
ReplyDeleteමේ කතාවේ ඇත්තක් තියෙනවා. මිනිස්සු කැමැත්තෙන් යනවා නම් අනිත් අයට කරන්න දෙයක් නැහැනේ නේද? තම තමන්ගේ බුද්ධි මට්ටම් අනුව තමයි සේරම දේවල්.
ReplyDeleteමෙයට බලපාන්නෙ එම ධර්මය දේශානා කරන කෙනාගේ චෙිතනාවයි
ReplyDeleteඔය ටික මහණ වෙලා හිටිය කාලෙ මම කිව්ව කියල මගේ නායක හාමුදුරුවෝ මාව පංසලෙන් පැන්නුවේ නැති ටික විතරයි. එදා ඉඳල මට සත පහක් දුන්නෙ නෑ. මගේත් එක්ක එදා ඉඳල කතා නෑ. උන්නාන්සේ පෝසත් රටක විශාලම ලාංකික විහාරයේ නායක හාමුදුරුවෝ.
ReplyDeleteIf they go by their will that is no problem. But converting by blackmailing or bribing is unethical.
ReplyDeleteතම අදහස් ලියූ සැමට ස්තුතියි. මගේ ඊ-මේල් ලිපිනයට ආ අදහස් දැක්වීමක් නිසා පොඩි පැහැදිලි කිරීමක් කරන්න වෙනව.
ReplyDeleteමං ලංකාවට ආදරේ කෙනෙක්. නිතරම ලංකාවට එනව යනව. දවසට පැය කිහිපයක් ගත කරනව පත්තර, ටී.වී නිවුස්, බ්ලොග් බලන්න.
මං රටට ආදරේ නැත්තං ඇයි මං රට ගැන ලියන්නෙ? නිකං හිටිය නං ඒ පැය කීපයත් මට ඉතුරුයි නේද?
දැං කියන්න එපා මට කවුරු හරි සල්ලි ගෙවනව කියල ලංකාවට අපහාස කරල සිංහලෙන් බ්ලොග් ලියන්න.
කොටින්ම - ලංකාවෙ ඉගෙන ගෙන පිටරට ගිහින් රටට ගරහන අච්චුචෙ කෙනෙක් නෙමේ මං.
නමුත් මේ බ්ලොග් එක පටන් ගත්තෙ වෙන අරමුණක් ඇතුවයි. ඒක තමයි කෙලින්ම ටොක්කක් අනින්න.
ලංකාවෙ වැරදි පෙන්නන්නෙ ගරහන්න නෙමේ. එහෙමනං, ලංකාවෙ පත්තරවල කොච්චර තීරු ලිපි තියෙනවද මේ වගේ. ඒව ලියන්නෙ ලංකාවෙම ඉන්න අය එක විතරයි වෙනස.
අනික, විවේචනය නැත්තං දියුණුවක් නෑ.
ඔබට ජයවේවා!
-අනේවාසික
දුප්පත් අයව අනෙක් ආගම් වලට හරවා ගැනීම මෙතරම් ප්‍රශ්ණයක් නම් අපේ භික්ෂුන් මෙවැනි ක්‍රියා නොකර ඔවුන්ම ඒ ඒ දුප්පත් අය සොයා බලා උදව් පදම් කරන්න බැරි ඇයි?
ReplyDeleteඊට අපේම මිනිස්සුත් විහාර මන්දිර හදන මුදල් වලිනුත් කරන්න පුළුවන් නෙව?
"ඒවට සාමාන්‍යයෙන් සුදු ජාතිකයො එනව අඩුයි."
ReplyDeleteඒවට සුදු ජාතිකයෝ එනවා..
තරුණ ඇයෝ, දෙවියන් වහන්සේ කියන මෝඩ/බොරු සන්කල්පය එපා වෙච්ච උදවිය එනවා!
මෙකනේ, බටහින්න ඉන්නේ රීරියකා වගේ කලුම කලු මහා බයානක ජාතියෙ උදවිය. ඒ උදවිය විවිද වෙස් අරගෙන අපේ දිහාට ඇවිල්ල අපිව අල්ලාගෙන මරගෙන කනවා, ලේ බොනවා. බොරුනම් ඔය අහවල් සූත්‍රයේ අහවල් ගාතාව කියවලා බලන්න. ඒ අතින් අපි බොහොම සිද්දා සම්පන්න උදවියනේ. කොටින්ම කියනවාමන් අපි බුදුන්ගේ පරම්පරාවෙන්නෙ පැවත එන්නේ. බොරුනම් අහවල් සූත්‍රයේ අහවල් ගාතාව කියවලා බලන්න. දැන් ඔහේට ඕක තේරෙන්නෙ නැත්තේ පෙරදිග චින්තනය ගැන අදහසක් නැති නිසානේ. බටහිර ධනවාදයෙන් මුලා වෙලා ඉන්න නිසානේ. බොරුනම් අහවල් සූත්‍රයේ අහවල් ගාතාව කියවලා බලන්න.
ReplyDeleteYou might be correct with some aspects.
ReplyDeletebut you have to understand the whole picture.
1. the mitionary services did bad than the good to most of the countries. if you read about the mitionaty influnce in africa you might see , reason for most of the ethnc conflicts were started due them. and more devision among the clans were resulted due to this influence.
2. If you think about SRi lankan situation. we got bad histoy with mitionary and kathaolic influnce. they have done massive harm for this country. to get more insight i am requesting to read the book, "Jeses num Buddah Shrawakayanoo". one example is in the costal line starting from negombo to upwards most of the Churches build for virgin Mary was done at the same location where there were "Kiri Mawwarunge devala"
. and the list goes on and on. so once our ahole eco system was broken by this type of activities we have to be causes. specially think about how catholic and cristians and others were defiened in this coutnry. it was by terror, power and with greed by ..protegees, british,and etc..
so the start is corrupted.
but i am not saying now we need to have any differencs... now we are in a same country .. and we need to live with difference parties cordially.
3. but think how budissum was distributed in other countries. its in totaol p[eace. and never ever there was a reported insidence that a buddhist monk has said bad about any other religion. but what these mitionaries are doing, most of the time they say bad about buddisum, thatn there religion.
by all that i have no faith in this way of selling and forcing religion in this country.
@Anonymous
ReplyDeleteහිනා කාලා පන යනවා.
we got bad histoy with mitionary and kathaolic influnce.
ඔව් ඔව් සුනිල් සාන්තගේ ඉදන් ක්ලැරන්ස් විජේවර්දන හ‍්රහා රූකාන්ත ගුනතිලක වෙනකම් harm තමා වෙලා තියෙන්නේ.
අනේවාසික,
ReplyDeleteලංකාවට ආදරය කරන එක අපි වගේ අයට අකැපයි. ඒක තනිකරම සින්නක්කර ලියාගෙන තියෙන්නේ දේශප්‍රේමීන්. ඒ අය කියන අය ඇර වෙන කාටවත් ලංකාවට ආදරය කිරීම තහනම්. කරනවානම් ඩොලර් අරගෙන කරන්න ඕනෙ.
ඔය දේශප්‍රේමීන් වෙන්න සුදුසුකම් ටිකකුත් ඕනෙ.
1)දැනට දේශප්‍රේමියෙක් විදියට රෙජිස්ටර් වෙච්ච මෑන් කෙනෙක්ට හුරේ තියන්න ඕන.
2)බුද්ධාගම රකින්න හෙන ගට් එකකින් බ්ලොග් ලියන්න ඕනෙ.
3)අර දේශප්‍රේමී මෑන් සහ වෙනත් අය දේශද්‍රෝහීන් කියලා අත දික් කරලා පෙන්නන අයව පළු ගහන්න ඕනෙ.
4)උන්ගේ ගැන්සි වලට විරුද්ධව ලියන අයට දේශද්‍රෝහියො කියලා කියන්න ඕනෙ.
5)ඔය දේශද්‍රෝහියො ඩොලර් හොයන්නෙ කොහෙන්ද කියලා හොයන්න ඕනෙ(එල්ලාවල මේධානන්ද වගේ දේශප්‍රේමී විදියට රුපියල් හෙව්වේ නැත්තන් චකබ්ලාස්).
6)ගෑණුන්ට තමන්ගේ තරමට ඉන්න කියලා පොඩි ඇඩ් එකකුත් දාන්න ඕනෙ.
7)සුද්දන්ට පළු යන්න බැනලා සිංහලෙන් බොග් පෝස්ට් ලියන්න ඕනෙ.
8)ලංකාවේ මොන බහු ද ඕයි කියලත් බොග් පෝස්ට් එකක් ලිව්වොත් නියමයි. පොඩි පට්ටමකුත් පාස් කරගන්න පුලුවන් වෙයි.
** බ්ලොග් එකේ සිංහ කොඩියක් එහෙම කාරිය දැම්මොත් වැඩිපුර ලකුණු.
මේවට විරුද්ධ ඕනෙම එකෙක් දේශද්‍රෝහී. උඹත් එහෙමයි මමත් එහෙමයි (උඹයි මායි කොච්චර වෙනස් වුනත්)
මච catholicslagen ඔය වෙච්ච harms මොනවද කියල ටිකක් කියපන්කො.... මමත් කතෝලිකයෙක්.. මමත් ආසයි ටිකක් දැන ගන්න... 1505 ට කලින් මේක කිසිදු පවක් නොකරපු ධර්ම රාජ්යයක්ද ??? අනික දැනට රටේ වෙන හැම තුච්ච,පජාත වැඩක්ම කරන්නෙ මේ රටේ ජනගහනයෙන් 7% පමනක් වන කතෝලිකයොද ??? යකෝ එහෙම බලපුවම අපි මාර වැඩ කාරයොනෙ !!!!! මේ රටට මෙච්චර දේවල් කරල තියන්නෙ සුලුතරයක් වන අපි.... අනිත් උන් උඩ බලන් ඉදල තියන්නෙ !!! පට්ටයිනෙ !!!
ReplyDeleteමෙම ලිපිය ලියා ඇත්තේ අද මත භේදට තුඩු දී ඇති මූලධර්ම වාදී ක්‍රිස්තියානි නිකාය කීපයක ක්‍රියා පිළිවෙතට බෞද්ධයන් පමණක් විරුද්ධ වී ඇති සෙයකනි. ලංකාවේ බහුතර කිතුණු භක්තියකයන් දෙ මෙම ක්‍රියාවට එකහෙලා විරුද්ධ බව පුවත් පත් වලද වාර්ථා විය. හින්දු භක්තියකන්ද මේ පිළිබඳ දැඩි විරෝධය දක්වන බවත් තමනුත් මීට එරෙහිව නීති සකස් කිරීමට සහය දෙන බවත් දෙමළ මන්ත්‍රී වරු පාර්ලිමේන්තුවේදී පැවසූහ.
ReplyDeleteබෞද්ධ ධර්මදූත සේවයට සම කළ හැකි කිතුණු දේවස්ථාන ඇසුරින් ක්‍රියාත්මක වෙන සම්ප්‍රදායික මිෂනරි සේවාවන් ශතවර්ෂකටත් වඩා කාලයක් මෙරට පැවතින අතර බෞද්දයන් හා හින්දු භක්තියකයන් ඊට එරෙහි වූයේ නැත.
මත භේදට තුඩු දී ඇති මූලධර්ම වාදී ක්‍රිස්තියානි නිකායවල වැඩපිළිවලට එරෙහිව නීති බැඳිය යුත්තේ එය දැඩි සූරා කෑමක් නිසාත්, ආගමික සහජීවනය බිඳ වැටෙන අයුරින් හැසිරීමත් ය.
තමන් ගෙ දුක සැප සොයල බලල උදව් උපකාර කරපු අය දේශණා කරන ආගම අදහන්න ඒ මිනිස්සු පටන්ගත්තොත් ඒකෙ ඇති වරද මොකක්ද? ඒක ඒ අයගෙ අයිතියක් නේද?
මට ඕන ආගමක් අදහන්න මං තීරණය කරන එක වලක්වන්නෙ කොහොමද ආණ්ඩුව.
මත භේදට තුඩු දී ඇති "සදාචාර විරෝධී අන්‍යාගමික කරණය" (unethical proselytism) ගැන මතු පිටින් පමණක් කියවා ඇති බොහෝ දෙනෙකු මෙම සරල ප්‍රකාශය නිතර දේවලේ කියති. ඔවුන් සිතා සිටින්නේ යෝජනා කෙරුනු නීති මගින් යම් ආගමක් ඇදහීම වලක්වීමට උත්සාහ කරන බවකි! එහෙයින්ම, "නීති වලින් කෙනෙක් ආගමක් අදහන එක නවත්තන්නෙ කොහොමද? ආගමේ තියෙන්නෙ හිතේ නෙ" වැනි අදාල නොවන බොලඳ ප්‍රකාශ කරති.
නීති යෝජනා වී ඇත්තේ ආගම වෙනස් කිරීම සීමා කිරීමට නොව, මුදල් හෝ වෙනත් අවශේෂ ක්‍රියා මගින් ආගම වෙනස් කිරීමට බල කිරීම නිසා ඇතිවන අපයෝජනය නැවැත්වීමටය. ආගම ගැන පැහැදී එම ආගම වැලඳ ගැනීමට එරෙහිව කිසිවක් එහි යෝජනා වී නැත. මේ බව නොදන්නා අය බොහෝ අය, මෙය ආගම මාරු ඇති අවස්ථාව නැති කිරීමක් යැයි සිතා බොරුවන බය වී කෑ ගසති.
"සදාචාර විරෝධී අන්‍යාගමික කරණය" යනු මිලක් ගෙවා කෙනෙකු වෙනත් ආගමක් අදහන්නෙකු හැසිරෙන ලෙස හැසිරීමට බල කිරීමයි.
එහි ඇති වරද වන්නේ එය සූරා කෑමක්, අයුතු ප්‍රයෝජන ගැනීමක් (exploitation) වන බැවිනි. සූරා කෑමට ලක්වන්නෙ ආර්ථික අපහසුතා නිසා පීඩනයට ලක් වූවන්ය. එම තත්ත්වයට පත් වූවන් ට මුදල් ලබා දී ඔවුන්ගෙන් ලිංගික සේවනය ලබා ගැනීම වරදක් වනවා මෙන්ම, ඔවුන්ට මුදල් ලබා දී වෙනත් ආගමකට හැරවීමත් සූරා කෑමකි.
එම පුදගලයා නව ආගම කෙරෙහි පැහැදී එසේ හැසිරීමේ කිසිදු වරදක් නැත. නමුත් ඔහුගේ හෝ ඇයගේ දුප්පත් කම නිසා, තමන් අකමැති මුත් වෙන විකල්පයක් නොමැති කමින් එසේ වෙනත් ආගමක් වැලඳ ගැනීමට හා ඉන්පසු එම නව ආගමානුකූල චාරිත්‍ර වල යෙදීමට සිදුවීම, පැහැදිලිවම අපයෝජනයකි, සූරා කැමකි. (exploitation). තමන් අකමැති මුත් වෙන විකල්පයක් නොමැති නිසා, මුදලට ලිංගිකව හැසිරීමත් මෙවැන්නකි.
නිදසුනක් ගනිමු. රැකියාවක් නොමැතිව ආර්ථික පීඩනයට ලක් වූ අයෙකුට අවම වැටුපටත් වඩා අඩු පඩියකට, රකියාවකට ගත හැක. ඔහුගේ අසරණ භාවය නිසාම, ඔහු එම අඩු පඩියට වැඩ කිරීමට කැමති වනු ඇත. තම අභිමතය පරිදි සිදු වූවක් නමුදු මෙයද වැරැදක් වන්නේ සූරා කැම (exploitation) නිසාය. මෙවැනි සූරා කැම් නැවැත්වීම සඳහා රජය මගින් "අවම වැටුපක්" නීති ගත කර තිබේ.
නොමිලේ සජීවී මිනිස් අවයව ප්‍රදානය කිරීමට නීතියෙන් තහනමක් නොමැත. එහෙත් සජීවී මිනිස් අවයව විකිණීම එය විකුණන්නාගේ අභිමතය පරිදි සිදු වුවුද, ඊට එරෙහිව නීති බැඳී ඇත්තේ එයද "මුදලට තම ආගම විකිණීම" වැනිම exploitation හෙවත් සූරාකෑමක් වන බැවිනි.
තමන්ට කැමති මුදලකට තමන්ගේ වකුගඩුවක් විකිණීමට නොහැකි වීම, තමන්ට කැමති මුදලකට ලිංගික සේවනය විකිණීමට නොහැකි වීම සහ තමන්ට කැමති මුදලකට තමන්ගේ ආගම විකිණීමට නොහැකි වීම අතර ඇත්තේ එකම පදනමකි.
ළමා මෙහෙකාර කම, ගණිකා වෘත්තිය, අවයව වෙලඳාම, අඩු පඩියට වැඩ ගැනීම වැනි දෑට එරෙහිවද නීති බැඳී ඇත්තේ ඒවාද අපයෝජන හෙවත් සූරා කැම් වන හෙයිනි.
අපේ රටේ ගොඩ දෙනෙක්ට පටලැවිල්ලක් වෙලා තියෙන දේවල් ටිකක් තේරුම් කරලා දෙන්න කැමතියි.
ReplyDeleteමුල්ම දේ තමයි කතෝලික සහ ක්‍රිස්තියානි අතර තියෙන වෙනස.
කතෝලික ආගම කියන්නෙ ජේසු තුමන්ගෙ සිට පැවත එන මුල් ආගම. ක්‍රිස්තියානි කියන්නෙ කතෝලික ආගමේ තියෙන යම් යම් නීති රීති වත් පිළිවෙත් වෙනස් කරගෙන කැඩිලා ගිය පොඩි පොඩි ආගම්. සංසන්දනාත්මක කිව්වොත් හරියට තේරවාද සහ මහායන යන බෞද්ධ සම්ප්‍රදායන් වගේ. එහෙම කැඩිලා යද්දි වෙනස් වෙච්ච නීතිරීති වලට උදාහරණයක් කිව්වොත් කතෝලික පල්ලි වල පියතුමන්ලට විවාහ වෙන්න බෑ. කළු පටිය සමග සුදු ලෝගුව අඳින්නෙ ඔවුන්. ක්‍රිස්තිනියානි ආගමේ ඉන්න පාස්ටර් වරුන්ට විවාහ වෙන්න පුළුවන්. ඔවුන් බොහෝ විට ජේසු තුමන්ට කියන්නෙ 'ජේසු' කියලා නෙමෙයි 'යේසු' කියලා. අර පහුගිය දා සුව කරනවයි කියලා දෙදෙනෙකුව මරණය උරුම කරලා දීලා තිබ්බෙ අන්න ඒ වගේ පාස්ටර් කෙනෙක්.
මූලධර්මවාදීන් විදියට සැලකෙන්නෙ ඔය ක්‍රිස්තියානි ආගම් වල යම් යම් කොටස්. ඔවුන් තමයි යම් යම් ක්‍රම මගින් කතෝලිකයන්ව සහ බෞද්ධයන්ව ඔවුන්ගේ ක්‍රිස්තියානි මූලධර්මවාදී ආගම් වලට හරවගැනීම කරන්නෙ. අර කලින් කිව්ව සුව කිරීම් වගේ දේවල් ඔවුන් ආගමට හරවගන්න යොදන උපායවල්. තව මුදල්, වාහන, ගෙවල් හිටං දීලා කතෝලිකයන්ව සහ අන්‍යාගමිකයන්ව ඔවුන්ගෙ මූලධර්මවාදී ආගම් වලට හරවගන්න උත්සහ කරනවා. මෙතනදි විරුද්ධත්වය ප්‍රකාශ වෙන්න මෙන්න මෙවැනි හරවාගැනීම් වලටයි.
මෙතනදි අපි සැලකිලිමත් වෙන්න ඕනා මෙන්න මේ දේ ගැන. අපේ රටේ ඉන්න කිතුනුවන්ගෙන් 99%ක් කතෝලික අය. මේ ක්‍රිස්තියානි මූලධර්මවාන්ගෙ අත්තනෝමතික වැඩ වලින් බොහෝ විට පීඩා විඳින්නෙ මේ 99% වන කතෝලිකයින්. මොකද අපේ රටේ බහුතර බෞද්ධ ජනතාව කතෝලික ඔවුන් සහ ක්‍රිස්තියානි මූලධර්වාදීන් අතර වෙනස හරිහැටි නොදන්නා නිසා, ඔවුන් දෙගොල්ලන් ගැනම හිතාගෙන ඉන්නෙ එක විදියට. බහුතරය හිතං ඉන්නෙ මේ බෞද්ධයන්ව අන්ආගම් වලට හරවන්නෙ කතෝලිකයො කියලා. බහුතරය දන්නෑ කතෝලිකයොත් ඉන්නෙ මේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙ අන්‍යාගමිකකරණ තර්ජනයට යොමු වෙලා කියලා. මේ ගැන නොදන්න බෞද්ධයන්වත් දැනුවත් කිරීම අපේ යුතුකමක්.
ඔය පනත සම්මත හෙල උරුමේ පටන් ගත්ත කාලෙ ඉදන් වලි කනව ඒත් තාමත් බැරි වුනා.ඒවුනාට අර පැනපු UNP කාරයින්ගෙ උවමනාවන් කියපු ගමන් කරල දෙනවා.
ReplyDeleteTo Nalin Dayasiri
ReplyDeleteBohoma pin pehedili kireemata. Obe kathawa hari.
@ නලීන්
ReplyDeleteඔබට ස්තූතියි නොදන්නා දැනගන්නම ඕනෙ දෙයක් කියල දුන්නට
@Gavels
ReplyDeleteඅප්පේ ...... ඔයාට උගන්නන්න වෙනවා ඔක්කොටම කලින්. යේසුස් වහන්සේ ගේ කාලේ නිකායන් තිබ්බෙ නැහැ.රෝමානු කතෝලික නිකාය බිහි වෙන්නෙ රෝමෙට ක්‍රිස්තියානිය ගියාම.ක්‍රිස්තියානි නිකායක් තමයි රෝමානු කතෝලික දහම.
ඕක එන්ගලන්තෙදි තමයි මුලින් එන්ගලන්ත සභාව ත් ඊට පස්සෙ මෙතෝදිස්ත සභාවත් ඇති වෙන්නෙ..මීට අමතරව බැප්ටිස්ට් නිකායත් අති වෙනවා. මේ සභා වල පූජකවරුන්ටත් විවාහ වෙන්න පුලුවන්.මේවා මුල් සභාවන්.මේ නිකායන් බිහි වෙන්නෙ පරිපාලනමය මතවාද වල ගැටුම් නිසා මිසක් කන්සෙප්ට් වල ගැටුම් නිසාම නෙවේ.
යේසු සහ ජේසු කියන එක ලොකු ගැටලුවක් නෙවේ. ඒක පරිවර්තන එක්ක ආපු තත්වයක්.කවුරු උනත් ඉන්ග්‍රීසියෙන් කියන්නෙ ජීසස් කියලයි.
ReplyDeleteමෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ වත්මන් නිදහස් සභා සම්බන්දවයි.එයාලා තමුන්ගෙ ගොඩ වැඩි කර ගන්න කරන උත්සාහයට තමයි මෝඩ බෞද්ධ සෙට් එකක් බය වෙලා ඉන්නෙ.ඔය හැම කෙනාම වෙලෙන්දෝ.බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු ඔක්කොම එවුන් කරන්නෙ විකිනීමක්..මේක කිව්වම ඔටුවන්ට මාත් එක්ක මල පනීවි....ඒත් ඇත්ත ඒකයි.
IMO Nalin Dayasiri is 100% correct. Thank you.
ReplyDelete