
කිසිම ගෞරව කිරීමක් තුන් සිතකවත් නැතිව, සිංහල අප විවිධ පුද්ගලයින්ට ලිපි ලිවීමේදී සහ මෑතක සිට ආමන්ත්‍රණයේ දී පවා "තුමා" යන පසුවදන යොදා ගැනීම සිංහල භාෂාවේ ඇති අති සදාචාර සම්පන්න බවකට වඩා යටින් එකක් තියාගෙන උඩින් වෙනකක් පෙන්නීමේ දීන කමක් බව කියා මා මින් පෙර ලියූවෙමි. මේ එක් ලිපියකට සිය අදහස් එක්කළ ග්‍රේ විසින් අපරදිග රටවල ඇති Please සහ Thank you යන වචන භාවිතයේ ඇති සුලභකම අනුසාරයෙන් සිය අදහස් දක්වා තිබුණි.
මා පසුගිය ලිපියේ සඳහන් කළ පරිදි අද මේ වෑයම ඒ පිළිබඳ මගේ අනේවාසික අත්දැකීම් සහ අදහස් දැක්වීමයි.
මේ සති අන්තයේ නිවසට අවශ්‍ය කෑම බීම ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිළට ගැනීම සඳහා මා වාසය කරන නියම් ගමේ පිහිටි ගෙදර යන ගමන් වර්ගයේ කඩයට ගොස් බඩු මුට්ටු ට්‍රොලියකට පටවා ගෙන කවුන්ටරයට ගිය විට ඇතිවුණු දෙබස මෙන්න මේ ආකාරයේ විය.
සේවකයාඃ හව් ආ යූ?
මමඃ ගුඩ්. තෑන්ක්ස්. හව් ආ යූ?
සේවකයාඃ ගුඩ්. තෑන්ක්ස්.
ඉනික්බිති සේවකයා මගේ බඩු භාණ්ඩ එකිනෙක ස්කෑන් කරමින් ඒවායේ මිල පරිගනකයට ඇතුලත් කර අවසානයේ එකතුව මට දැන්වූයේය.
මම ක්‍රෙඩිට් කාඩ් (ණයවර පත) එහි වූ යන්ත්‍රයේ ස්කෑන් කළෙමි.
සේවකයාඃ එනි කෑෂ් අවුට්?
මමඃ නෝ තෑන්ක්ස්.
සේවකයාඃ කැන් අයි හෑව් යුවර් සිග්නේචර් ප්ලීස්?
ඔහු මුද්‍රිත කොලයක් මට ලබා දුනි. මම එහි අත්සන් කළෙමි.
සේවකයාඃ තෑන්ක්ස්.
මමඃ තෑන්ක්ස්.
සේවකයාඃ හියර්ස් යුවර් බිල්.
මමඃ තෑන්ක්ස්.
සේවකයාඃ හෑව් එ නයිස් ඩේ.
මමඃ තෑන්ක්ස්. යූ ටූ හෑව් එ නයිස් ඩේ.
සේවකයාඃ බායි!
මමඃ බයි බායි!
කොයි කඩයට ගියත් පෙර සඳහන් චර්යානුගත සංවාදයේ නිරත වීමට මේ නොරටේ දී අපට සිදුවේ. ඇතැම් විට සංක්‍රමණිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳහලක දී නම් තත්වය මදක් වෙනස් විය හැක.
මේ ලංකාවේ සිටියදී අප සහභාගී නොවූ ක්‍රියාවලියකි. එදා අවුරුදු පහළොවකට පෙර "ගෙදර යන ගමං" යන්නට මට තිබුනේ නුගේගොඩ සතොස, බොරුල්ල මාරකැට්ටුව වැනි තැන්ය. නිතර ගොස් හොඳට අඳුණන එළවළු වෙළෙන්දෙකු සමග හැර "ගිහින් එන්නම්!" යන වචන දෙක පවා භාවිතා නොවිනි.
අද මා වෙසෙන රටේ දී අත්විඳින ආකාරයේ Please සහ Thank you භාවිතයක් නම් "ආයිබෝවන්" කියා අප පිළිගන්නා ගෙදර යන ගමං කඩ වල වුවද අද පවා නැත.
සංක්‍රමණික ජීවිතයේ මුල් කාලයේ දී මේ ආචාරශීලී චර්යාව සහ අති බහුල Please සහ Thank you වදන් භාවිතය අපට එක්තරා ආකාරයට හිසරදයක් විය. කීප දෙනෙකුම ප්‍රතිචාර දක්වා තිබුණා සේ, මේ ආචාර්යශීලීත්වය හුදෙක් කරනවාට කරනවා විනා How are you? කියා අසන්නේ ඇත්තටම දුක සැප දැන ගැනීමට නොවන බව සත්‍යයකි. (එලෙස සලකා බලන කල, අප ආයිබෝං කියා කියන්නේ ද ඇත්තටම දීර්ඝායුෂ පතා නොවේ).
මුල් කාලයේ එසේ වුවත් දැන් නම් මා වසර ගණනාවක්ම නොරට දිවිය ගත කර ඇති නිසා, එලෙස Please සහ Thank you නැත්තං එය අඩුවක් හෝ නොසැලකීමක් ලෙසද හැඟේ.
Please සහ Thank you යන වචන දෙක සඳහා සිංහලෙන් අපි පාවිච්චි කරන කරුණාකර සහ ස්තුතියි යන වචන දෙක මට හැඟෙන පරිදි ස්වාභාවික සිංහල වචන නොව, ඉංගිරිසි භාෂාවේ Please සහ Thank you භාවිතය ගැන සිතා වාත්තුකර සාදාගත් වචන වේ.
ලිඛිත ලේඛණ වලදී හෝ මහජනයා ඇමතීමේදී හැර මේ ස්තුතියි සහ කරුණාකර වචන භාවිතයේ නුහුරු නුපුරුදු කමක් අපි බොහෝ දෙනෙකුට දැනෙන්නේ ඒ නිසාය.
කරුණාකර සහ ස්තුතියි වචන වලට වඩා Please සහ Thank you යැයි පැවසීම අපට ලේසියෙන්ම කළ හැකිව ඇත්තේ ද එනිසාම ය.
"තුමා" යන විශේෂණ පදය යෙදීම ගැන මා ලියූ අදහස් ගැන කෙසේ වෙතත් ස්තුතියි සහ කරුණාකර වදන් පිළිබඳව මගේ අදහස් සමග වැඩි දෙනෙක් එකඟ වෙනු ඇතැයි සිතමි.
නැවත අනේවාසික සිතුවිලි සමගින් හමුවෙමු.
අනේවාසික ලංකාපුත්‍ර
anewasika@gmail.com
(image source: http://i107.photobucket.com/albums/m282/pure100/com2/how-are-you/009.gif)
දැනට වසර කිහිපයකට පෙර එක්තරා "ළමා" ටෙලිනාට්‍යයක් (aka ගොංපාට් ටෙලිනාට්‍යයක්) ස්‍වර්ණවාහිනියේ විකාශය වුනා. එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුනේ පෞද්ගලික නාලිකාවක "ළමා" වැඩසටහන් නිවේදිකාවක වශයෙන් කටයුතු කළ තැනැත්තියක්.
ReplyDeleteටෙලිනාට්‍යයේ කතාව කෙසේ වෙතත්, මෙහි වැඩි අවධානයක් යොමු කර තිබුනේ එකී චරිතය විසින් හමුවන සෑම වැඩිහිටි පිරිමියාට "මාමා" කීමත්, වැඩිහිටි ගැහැණියට "නැන්දා" කීමත්, විනාඩියට තිස් වතාවක් "ස්තුතියි" කීමත් යන කාරණා වලට කියා කීවොත් වැරදි නැහැ.
ඇත්තෙන්ම එකී කෘත්‍රීම වචන භාවිතයන් ඇසෙන විට මටනම් ඇතිවන්නේ කුරුලු පිහාටුවක් කන තුල දමා කිති කවනවාක් වැනි අපහසු හැඟීමක්.
ඔබගේ අදහස පමණක් හරියැයි සිතන ඔබ වැන්නන්ට මම අනුකම්පා කරමි. මමත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා, විශ්ව විද්‍යාලය අධ්‍යාපනයෙන් පසු පිටරටකට සංක්‍රමණය වී වසර 38ක් ගත වී ඇත. ඔබ"තුමා" පවසන පරිදි "තුමා" යන ආමන්ත්‍රණ පදය භාවිතා කලේ මමයි. ඔබ "තුමා" එවැන්නට සිනා සෙන බැවින් මෙතෙරදී හෝ එතෙරදී ඔබ ලබා ඇති අධ්‍යාපනයක් නැත. විශ්ව විද්‍යාල වලින් ලැබෙන සහතික පත් කඩදාසි පමණය. ඒවා ලොවට කියා පාන්නේ ඔබ"තුමා" ඒ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිට, විභාගයක් සමත්ව ඇති බව පමණක් බව මතක තබා ගන්න. ඔබ"තුමා"ගේ සදාචාරවක් බවක් ඒ උපාධියේ සඳහන් නොවේ. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ආනන්ද විද්‍යාලයේ මගේ සමකාලීනයෙකි. එතුමා වෙනස් වී ඇති බවක් නොපෙනේ. එදා තිබූ අදහස්ම අදත් එතුමා ලඟ ඇත. ඒ නිසා උපාධියකින් පමණක් කෙනෙක් වෙනස් නොවේ. සදාචාර අධ්‍යාපනය විශ්ව විද්‍යාලයකින් ලබාගත නොහැක. මෙවැනි වෙනත් අයගේ ක්‍රියාවන්ට සිනාසෙන ඒවා වැරදි යයි සලකන ඔබ"තුමා" වැන්නන් නිසා අපේ ජාතිය පිරිහෙමින් පවතී. ලංකාවෙන් භාගයක්ම අමු මෝඩයෝ නම් ඉන් 90%ක්ම ඉන්නේ ලොකු ලොකු උපාධි ලබාගෙන පිටරටවලය. අනේවාසික ඇසින් උන් අපේම රට දෙස බලන්නේ වපර ඇසින්ය.මෙවැනි වෙනත් අයගේ ක්‍රියාවන්ට සිනාසෙන ඒවා වැරදි යයි සලකන ඔබ"තුමා" වැන්නන් නිසා අපේ ජාතිය පිරිහෙමින් පවතී. ලංකාවෙන් භාගයක්ම අමු මෝඩයෝ නම් ඉන් 90%ක්ම ඉන්නේ ලොකු ලොකු උපාධි ලබාගෙන පිටරටවලය. අනේවාසික ඇසින් උන් අපේම රට දෙස බලන්නේ වපර ඇසින්ය.
ReplyDelete@ සරත් ගුණතුංග
ReplyDeleteමගේ ලිපි කිහිපයකටම ඔබ මෙතන ප්‍රතිචාර දක්වා ඇති බව පෙනේ.
මගේ බ්ලොග් ලිවීමේ අරමුණ ඔබ නිසි පරිදි වටහා ගෙන නැත. කරුණාකර මා ගැන මා කර ඇති හැඳින්වීම බලන්න.
මෙලෙස බ්ලොග් සටහනක මතුපිට අරුත පමණක් ගෙන වාද කිරීම නිෂ්ඵල වැඩකි. පේලි අතර කිටවීමට පුරුදුවන්න.
ඔබ කියා ඇති එක කරුණක් වත් මට අදාල නොවේ.
ඔබ මගේ ලංකාවෙන් බාගයක්ම ලිපිය ගැනද, බාහු ගැනද සපහන් කර ඇති නිසා මෙසේ කියමි. එම ලිපියේ මා ලියූවේ, “ලංකාවෙන් සියයට අනුපහක් පමණ පිරිස එක්කෝ අමුම අමු මෝඩයෝ බවත්, එහෙමත් නැත්තම් පට්ට කට්ට කයිරාටිකයෝ බවත්” කියාය.
ඇත්තටම මෙම ප්රතිශතය 98% ක් පමණ වේ.
ඡන්දය දුනනවුන් ගෙන් 98% ක්ම එලෙස එක්කෝ මෝඩයෝ නැත්තම් කට්ටයෝ නොවුනා නම් - බාහු මේ වන විට ජනාධිපති විය යුතුයි නොවේද?
බාහුට ද, සිරිතුංගට ද, විජේ ඩයස් ටද ලැබී ඇත්තේ මෝඩයන් ගේ හෝ කට්ටයින් ගේ ඡන්ද නොව සැබෑ ප්රතිපත්ති මත තම ඡන්දය පාවිච්චි කරන්නන් ගේ ඡන්ද නොවේද?
අනේවාසික
@ සුපුන්
ReplyDeleteමගේ ලිපියේ අදහස ඔබට තේරීම ගැන සතුයුයි. සමහරුන්ට නම් මේවාට වරහන් ඇතුලේ විස්තර ඛිරීමට උවමනා බව පෙනේ.)
ඔබේද අදහස වී ඇති පරිදි - අපිට කටේ නොගෑවී thank you, please කීමට හැකි වුනත් ස්තුතිය, කරුණාකර කීමට ආයාසයක් ගත යුතුව ඇත්තේ මේ ආගන්තුක බව නිසාය.
අනේවාසික
දැන් නම් ගෙදර යන ගමන් යන කඩේ කැෂියර් ළමයි අත්දෙක එකතු කරලා අයුබෝවන් කියනවා.. මට තියන අවුල මට අත් දෙක එකතු වෙන්නේ නැති එක.. ඒ නිසා හිනාවක් දාලා ආයුබෝවන් කියන එක තමා කරන්නේ..
ReplyDeleteමහ ලොකු ආචාරශීලීත්වයක් ඕන නැහැ, පිටරට වගේ හැම එකටම ස්තුතියි, කරුණාකර වගේ කියන්න බැහැනෙ. ඒත් ගනුදෙනුකරු සමග අඩු ගාණෙ හිනාවෙලාවත් ඉන්න කඩකාරයො අපේ අඩුයි.
ReplyDeleteඇත්ත කතා කරන්න එපැයි...
ReplyDeleteඇත්තටම කිවුවොත් පිටරට ජීවත් වෙන අපිට මෙහි ආ මුල් කලම ඉගෙන ගත වූ දෙයක් උනේ මේ... තැන්ක් යූ... ප්ලීස්.. යන වචන දෙක... ලංකාවේ දී මෙය අපි බොහෝවිට නොකරන නිසා මට නම් හැගුනෙ මහා වදයක් විදිහටයි... නමුත් කාලයත් සමගින් මම එයට හුරු උනා පමනක් නොවෙයි, නැවත් ලංකාවට ආ පසු හමුවන හැම කෙනාටම "බොහොම ස්තුතියී".. "අපි නැවත හමුවෙමු" "කරුණාකරලා" කියලා අමතන්න් පටන් ගත්තා... මොකද මගෙ හිතේ එහෙම නොකලොත් මම ඒ අයට අඩු සැලකිල්ලක් දැකුවා වගේ වෙනසිතුන නිසා... නමුත්... බොහෝ දෙනෙක් මට උපහාසයට සිනාසෙනවා කියලා පසුව තේරුම් ගියා..
ඊට පස්සෙ නං ඉතින් මම නං
"දේසේ හැටියට බාසේ" :D