
මා සමග එකම පාසැලේ උසස් පෙල හැදෑරූ හොඳට වත් පොහොසත් කම් තිබූ එක්තරා ශිෂ්‍යයෙක් විය. විභාගයෙන් පසු අප දස අත විසිර ගියෙමු. වසර කිහිපයකට පසු මා ඔහු ගැන නැවත ඇසුවේ කොළඹ දකුණ පිහිටි පරිගණක තාක්‍ෂණය පිළිබඳ පාඨමාලා පවත්වන ආයතනයක අධක්‍ෂකවරයා ලෙසය. ඔහු එදා හැදින්වූයේ ප්‍රවීන පරිගණක විද්‍යා දේශක පී.ඒ. ගුණසිංහ ලෙසිනි.
මේ පරිගණක අධ්‍යාපනය පිළිබඳව විශාල උනන්දුවක් ඇතිවෙමින් තිබුණු අවදියකි. තම ආයතන විසින් පවත්වන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට මෙවැනි අධ්‍යක්‍ෂකවරුන් යොදා ගත්තේ ශිෂ්‍යත්ව නම්වූ "ඇම" ය.
පරිගණක තාක්‍ෂණය පිළිබඳ පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්ව දහසක් දෙන බව පවසමින් ඔව්හූ මහා පරිමාණ ප්‍රචාරක දැන්වීම් ඉරිදා පුවත්පත් වල පල කරති. ඇතැම් විට රූපවාහිනියේ ද දැන්වීම් ප්‍රචාරය වේ. මෙවැනි රූපවාහිනී දැන්වීම් වල එක් විශේෂත්වයක් වූයේ ඒවා, සිංහල ප්‍රවෘත්ති අවසාන වූ වහාම ඇරඹී තිරයේ පහල සිට උඩට දිවයන වදන් පේලිවලින් සහ කටහඬින් පමණක් යුක්ත වූ එක්තරා ආකාරයක නිළ ප්‍රකාශන මෙන් දිස්වූ ඒවා වීමයි. ශිෂ්‍යත්වයක් දිනා ගැනීම සඳහා තරග විභාගයකට පෙනී සිටිය යුතුය. ඒ සඳහා විභාග ගාස්තුවක් අය කෙරේ.
මේ ව්‍යාපාර ආකෘතිය අනුව, පෙර කී විභාග ගාස්තුවෙන් ප්‍රචාරණ වියදම් ද, විභාග වියදම් ද ආවරණය වේ. ලැබෙන දස දහස් ගණන් අයැදුම් පත් ගැන සිතන කල, තවත් මුදල් ඉතිරිවෙනු ඇතැයි ද සිතිය හැක. පාඨමාලා ගාස්තු සකසා ඇත්තේ, කීප දෙනෙකුට 100% ශිෂ්‍යත්ව ද, තවත් ටික දෙනෙකුට 50% ශිෂ්‍යත්ව ද, තවත් කොටසකට 25% ශිෂ්‍යත්ව ද දුන් පසු ලැබෙන පාඨමාලා ගාස්තුවලින් ආයතනය පවත්වාගෙන යා හැකි වන පරිදිය.
මාස හයෙන් හයට මෙලෙස අළුත් පාඨමාලා ඇරඹේ. ඒ සඳහා ශිෂ්‍යත්ව ද ප්‍රදානය කෙරේ. ඒ උත්සව වලට සහභාගී වන්නේ ප්‍රදේශයේ ආණ්ඩු පක්‍ෂ දේශපාලකයාය. ව්‍යාපාරයේ දිනෙන් දින සරුවේ.
වසරක් පමණ ගතවිය. එක් දිනක් ඉරිදා පුවත් පතක පලවූ දැන්වීමක මා දුටුවේ මගේ පාසැල් සගයා ප්‍රවීන පරිගණක විද්‍යා දේශක පී.ඒ. ගුණසිංහ ඒ වන විට ආචාර්ය පී.ඒ. ගුණසිංහ වී ඇති බවයි.
ඔහුගේ ව්‍යාපාරය ජයෙන් ජයටම පත්වී තිබුණි. දැන්වීම්වල ප්‍රමාණයෙන් ද ඒවායේ පලවී තිබු ඡායාරූප වල ඔහුගේ ප්‍රමාණයෙන් ද ඒ බව පැහැදිලිවිය.
ගතවූයේ තවත් මාස කිහිපයකි. මගේ මිතුරා එක්වරම මහාචාර්ය පී.ඒ. ගුණසිංහ වී තිබෙනු ඔහු ගේ ආයතනය විසින් පල කර තිබූ දැන්වීමකින් දුටුයෙමි. දැන්වීම් අතිරේකයේ මහාචාර්යතුමා සමග කරන ලද සම්මුඛ පරීක්‍ෂණයක් ද විය.
මේ ආකාරයෙන් නම් මටත් අද හෙටම මහාචාර්ය ලංකාපුත්‍ර වීමට හැක!
මේ ලිපිය කියවන ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි ආචාර්ය උපාධියක් යනු විශ්ව විද්‍යාලයකින් පිරිනමනු ලබන ඉහලම උපාධියකි. මේ උපාධිය සඳහා ලියාපදිංචි විය යුතුය. උපදේශක ආචාර්යවරයෙකු යටතේ නිසි පරීක්‍ෂණ කළ යුතුය. ඒ ආශ්‍රයෙන් ලියන ලද පර්යේෂණ පත්‍රිකා ප්‍රධාන පෙලේ ජර්නල් වල පලවිය යුතුය. අවසානයේ ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියා එය බාහිර පරීක්‍ෂකයින් දෙදෙනෙකු පමණ අනුමත කළ පසු විශ්ව විද්‍යාලීය පරීක්‍ෂකයින් හමුවේ දේශණයක් පවත්වා එයින් ද සමත්විය යුතුය. මෙය අඩු වශයෙන් තුන්වසරක් ගතවෙන අති දුෂ්කර ක්‍රියාවලියකි.
සමහර විශ්ව විද්‍යාලවලින් මෙයට අමතරව සිවිල් සමාජයේ විවිධ පුද්ගලයින්ට සම්මාන ආචාර්ය උපාධිද පිරිනැමේ. අප දන්නා දේශපාලකයින් කිහිප දෙනෙකුට තියෙන්නේ මේ ආකාරයේ උපාධි වේ.
එසේ, ආචාර්ය උපාධියක් ලබාගත්තද, මහාචාර්යවරයෙකු වීම නම් ඉගෙනුමෙන් පමණක් කළ නොහැක. මක්නිසාද යත්, මහාචාර්ය තනතුරක් යනු සෑම විටකම පාහේ විශ්ව විද්‍යාලයක තනතුරක් බවයි. මහාචාර්ය තනතුරක් ලබාගැනීම සඳහා ආචාර්ය උපාධියක් අවශ්‍ය නැත. එසේම, විශ්ව විද්‍යාලයක සේවය කළ ද මහාචාර්ය තනතුර නොලබා සේවයෙන් විශ්‍රාම යන්නෝ ද සිටිති.
විශ්ව විද්‍යාලයක සේවය නොකරණ අයෙකුට මහාචාර්යකමක් ලැබෙතොත් එය සම්මාන මහාචාර්ය කමකි. මා දන්නා අයුරින් ඒවාද සම්මාන ආචාර්ය උපාධි මෙන් ප්‍රදානය කෙරෙන ඒවා නොව බොහෝවිට විශ්ව විද්‍යාලයක සේවයේ නියුතුව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු සේවයෙන් විශ්‍රාම යන විට පුදනු ලබන සම්මානයකි.
එලෙස සම්මාන මහාචාර්යකමකින් පුදනු නොලැබූ විශ්ව විද්‍යාලයක සේවයේ නියුතුව සිටි මහාචාර්යවරයෙකු හෝ මහාචාර්යවරියක සේවයෙන් විශ්‍රාම ගිය පසු ඔහුට හෝ ඇයට ආචාර්ය උපාධියක් ඇත්නම් හැඳින්විය යුත්තේ ආචාර්ය කියාය. ඔහුට හෝ ඇයට ආචාර්ය උපාධියක් නැත්නම් හැඳින්විය යුත්තේ මහතා හෝ මහත්මිය කියාය.
උදාහරණයක් ලෙස, කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරක් හොබවන නලින් ද සිල්වා, සේවයෙන් විශ්‍රාම ගිය පසු, ඒ වන විට ඔහුට සම්මාන මහාචාර්යකමක් ලැබී නොතිබුණොත්, ඔහුට ආචාර්ය නලින් ද සිල්වා ලෙස ඇමතීම නිවරදි වේ. ඒ ඔහු ආචාර්ය උපාධියක් දරන්නෙකු නිසාය.
එසේම, මා එම විශ්ව විද්‍යාලයේ සේවයට බැඳී කවදා හෝ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගිය පසු, ඒ වන විට මට සම්මාන මහාචාර්යකමක් ලැබී නොතිබුණොත්, තවදුරටත් මා මහාචාර්ය ලංකාපුත්‍ර ලෙස ඇමතීම නොකටයුතුය. මා මහාචාර්ය ලංකාපුත්‍ර වශයෙන් සිට ලංකාපුත්‍ර මහතා බවට පත්වෙමි.
මා මුලින් සඳහන් කළ කතාවෙන්ද කියවුනු පරිදි, අපේ සමහර ඇත්තෝ මේ ආචාර්ය, මහාචාර්ය තනතුරු වලට දක්වන්නේ ඉමහත් කෑදරකමකි.
පසුගිය දවසක වරායේ අධිකාරියේ ලොක්කෙකු තම තනතුර සඳහා ඉදිරිපත් කළ ආචාර්ය උපාධිය පිළිබඳ විශාල සැකයක් ඇති බව පාර්ලිමේන්තු කාරක සභාවේදී පැන නැගී ඇත.
ඒ සමගම, මෙන්න මේ ප්‍රවෘත්තියේ සඳහන් මහාචාර්යවරයා කුමන විශ්ව විද්‍යාලයක මහාචාර්ය තනතුරක් දරන්නේ ද යන්නද මට සිතාගත නොහැක.
අනේවාසික ලංකාපුත්‍ර
(image source: http://lealidellafarfalla.files.wordpress.com/2008/09/einstain.png?w=317&h=431)
ඕන් බලහං හැකියාව..
ReplyDelete( සක්විති 4 එවර්.. )
කෘතිම බුද්ධිය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස දකුණු ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සේවයකළ පාතේගම මහතා, ජනාධිපතිතුමාගේ ආරාධනය පිළිගෙන නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්ලෙස මවුබිමට සේවයකිරීමට පැමිණියා. ඔස්ට්‍රේලියාව නියෝජනයකළ විද්‍යාඥයෙකු ලෙස ඔහු සේවයකළ සමයේදී ඔහු තම කබායේ ශ්‍රී ලංකා ධජය නිරූපනය කිරීමටද කටයුතු කරනුලැබීය.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Mahinda_Pathegama
පාතේගම ගැන වැදගත් යමක් දන්නව වගේ හිතනව ඒකත් කිව්වනම් හොදා
ReplyDeleteමහින්දට ලගදි හම්බවුනේ ආචාර්ය උපාධියක් නෙවේ ඩිප්ලොමාවක් කියලත් ලංකා නිව්ස් වෙබ් එකේ තිබ්බා
විශ්‍රාමික ජෙනරාල්ලා ඉන්නවා වගේ විශ්‍රාමික මහාචාර්යවරු ඉන්න බැරිද ?
ReplyDelete@ Thirdman
ReplyDelete@ Anonymous
මා මේ ලිපිය ලිව්වේ එක් එක පුද්ගලයින් ගැන කතා කිරීමට නොව ආචාර්ය මහාචාර්ය පට්ටම් ගැන පොදුවේ ලිවීමටය. එහෙත් උදාහරණ භාවිතා කිරීමට සිදුවිය.
විකිපීඩියාවේ තියෙන සියල්ල සත්‍යය නොවේ. ඒ විකිය ලියා ඇත්තේ කව්ද? කවුරුන් හෝ කියවා බලා confirm කර ඇත්ද?
මා සොයා ගත් විස්තර බිඳක් මෙසේය.
1. ඔහු ආචාර්ය උපාධිය 2005 දී නිම කර ඇත.
Completed his PhD in 2005 – about 5 years ago.
http://www.unisa.edu.au/iteeres/completions/2005.asp
2. ඔහු එම විශ්ව විද්‍යාලයේ සම්මාන මහාචාර්යවරයෙක් තියා එහි සේවයේ වත් නොමැත.
He is not currently listed in the UniSA Staff directory
http://www.unisanet.unisa.edu.au/staff/NameNotFound.asp?Name=PATHEGAMA
3. ඔහු එහි කෙදිනක හෝ ස්ථිර කතිකාචාර්යවරයෙල් ලෙස හො සිටියේ යැයි සිතන්නට කරුණු නැත. සමහර විට උපාධිය හදාරන සමයේ අනියම් ටියුටර්වරයෙක් ලෙස සේවය කරන්නට ඇත.
වසර 2005 දී ආචාර්ය උපාධිය ලැබුවෙකු 2009 වන විට මහාචාර්යවරයෙකු වීම ඔවැනි රටක ඔවැනි පිළිගත් විශ්ව විද්‍යාලයක සිදුවිය නොහැක්කකි.
4. ඔහුගේ ගම තංගල්ලට නොදුරු බුද්ධියාගම බව පෙනේ!
-Anewasika
ජනතාව ගොනාට ඇන්දවීම වෙනුවෙන් ආචාර්ය උපාධියක් බවට බවට පත්වූ ඩිප්ලොමාව
ReplyDeletehttp://www.lankanewsweb.com/Sinhala/news/2010_02_12_008.html
@ අනේවාසික- මටත් තව ටික කාලෙකින් ඔය අකුරු දෙක, නමේ ඉස්සරහට හම්බ වෙනවා. ඕක මහා ලොකු කජ්ජකුත් නෙමෙයි ඉතින්.. නැත්නම් මම වගේ පිස්සෙකුට ඕක කරන්න පුලුවන් යැයි?
ReplyDeleteකොහොම උනත්, මම හිතන්නේ නෑ ආචාර්‍ය පාතේගම තමුන්ගේ වෘත්තිය පිලිබදව වැරදි දෙයක් රටට දෙයි කියලා. සමහර වෙලාවට PhD Dr. කියන එක වැරදියට journalist ලා මහාවාර්‍ය විදියට භාවිතා කරනවා.
සමහර විට එයාගේ නම ඇත්තේ වෙන විදියකට වෙන්නත් පුලුවනි. ඒ කිව්වේ පාතේගම කියලා අන්තිමට නැතුව, වෙන නම් කෑල්ලක් තියෙනවා වෙන්නත් පුලුවනි. ඉතිං පාතේගම කියලා සෙව්වාම හම්බ නොවෙන්නත් පුලුවනි.
පිස්සෝ,
ReplyDeleteඋඹට හම්බ වෙන්නේ PhD හෙවත් Permanent head damage නම් වූ උපාධියයි.
අනේවාසික
ඔය හැව්ලොක් පාර පටන් ගන්න තැන තියනවා ආයතනයක් ඕකේ ඉන්නවා ලොක්කෙක් ඉශාන්ත කියලා මිනිහට ජාවා තාක්ශණය ගැන ආචාර්ය පට්ටමක් තියනවා හැබැයි ඒක දීලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාලයකින්. Open International University for Complementary Medicines
ReplyDeleteඇයි මහාචාර්ය ජී.ඇල්. පීරිස් ? මහාචාර්ය තිස්ස විතාරණ? :D
ReplyDeleteවිශ්විද්‍යාල මහාචාර්ය කමෙන් අයින් උනාට පස්සේ ඔය ලැජ්ජ නැතුව මහාචාර්ය කියලා පාවිච්චි කරන්නේ!
ඒ අතින් කාලෝ ෆොන්සේකා මහත්තය කොච්චර හොඳද? කවදාවත් නිකං 'මහාචාර්ය' කියලා ලියන්නෙ නෑ 'සම්මාන මහාචාර්ය' කියලා මිසක. එතුමාට ඒක විශ්‍රාම යනකොට පුදපු ගෞරව නාමයක්.
mama danne ne meka lipiyata kochchara adalada kiyala....
ReplyDeletemage yaluwek hitiya..honda meterayak..first class ekak demma ruhune, master ekakuth kala...
hebei deprtmant gatte man ekka indala yanatam pin sidda wenna lower ekak dapu kellek..
lagadi man hamu unama...mama ehuwa mokada macho une kiyala...
man kiyanawa..machan lankawene..ganan ganna epa...
mata den inne podi kollek..unge kalewath unata hari yayi kiyala...
mata me katawa meter une ne mulin...
passe mage frd kiyanawa...macahn den inna department eke set eka serama lingikatawaya base karagena kello wiatari ganne...mage kolla campus yanakota departmant wala inne genu wiatarane..una etakota mage kolla staff ganeewi kiyala....